Monday, February 21, 2011

ගූගල් සමර් ඔෆ් කෝඩ් 2011 සදහා ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධන සැසි සහ අත් පත්‍රිකා

ඔන්න හා හා පුරා කියල සිංහලෙනුත් බ්ලොග් පෝස්ට් එකක් දාන්නයි මේ ලැහැස්තිය :)
මුලින්ම දාන්න යන්නේ නම් ගූගල් සමර් ඔෆ් කෝඩ් (GSoC) 2011 වෙනුවෙන් හදපු සිංහල අත් පත්‍රිකාව ගැනයි. මේ දවස් වල GSoC උණුසුම හුඟක් අයට දැනිල ඉවරනේ... දැන් අපේ කට්ටිය බරටම FOSS මෘදුකාංග තෝරාගෙන ඒවාට දායක වෙන්න (contribute) පටන් අරන්. අපේ කැම්පස් එක පහු ගිය අවුරුදු වල GSoC වලින් අංක එකේ හිටපු හින්ද [1] [2] ලොකු උනන්දුවක් තියනවා මේ වැඩසටහන ගැන. ඒ ගැන නම් හරිම සතුටුයි, විශේෂයන්ම මටත් ඒ සදහා දායක වෙන්න ලැබීම ගැන. 2010 අවුරුද්දේ ශ්‍රී ලංකාව දහ වෙනි තැන ලබාගත්තා... GSoC කියන්නේ මොකක්ද කියල දැන ගන්න කැමති නම් මෙන්න මේක කියවන්න. http://www.booki.cc/gsocstudentguide/_v/1.0/what-is-google-summer-of-code/
හරි ඉතින් තමන්ට විතරක් කරගෙන හරි යන්නේ නැහැනේ, අනිත් අයටත් උදව් කරන්න එපැයි. :) මේ අවුරුද්දේ එක නිසා මමයි, මගේ බැච් එකේ GSoC කරපු කීප දෙනෙකුයි, සිනියර් බැච් එකේ ප්‍රදීබන් අයියයි එකතු වෙලා අපිට හැකි පමණින් වැඩ කොටසක් කළා. ලොකුවටම කරපු දේ තමයි GSoC ගැන දැනුවත් කිරීමේ සැසි දෙක. ඒවා ගැන දැනගන්න මෙන්න මේක කියවන්න; මේ තියෙන්නේ "FOSS User" සගරාවේ එකේ මෙම සැසි දෙක ආවරණය කරමින් පළවුණු ලිපිය. :) 
ඒ දෙකෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිබුන සැසිය මට විශේෂයි. ඒ වෙන මොකක් හින්ද වත් නෙවෙයි එකට මම ලොකු සහයෝගයක් ලබාදුන්නා සංවිධාන කටයුතු වලට. :) පේරාදෙණිය පැත්තෙන් රසික, මේ සැසිය පවත්වන්න සෑහෙන්න මහන්සි ගත්තා. සම්පත් දායකයින් විදියට සහභාගී වූ ප්‍රදීබන්, නිර්මාල්, තිලංක, කසුන් ලක්ප්රිය අයව අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ. අපි ටික තමා මේ බර ඔක්කොම ඇද්දේ! ඒ වගේම IESL හිදී තිබුණු සැසිය සදහා දැන් නම් කිව්ව අය ඇරෙන්න උමාශාන්ති, කෙහෙළිය ඇතුළු සුහෝ යන අය විශාල වැඩ කොටසක් කළා.
අත් පත්‍රිකාවක් කිව්වට මොකද අන්තිමට පුණ්‍ය අනුමෝදනාවක් වගේ උනා නේද? ;)) තරහ වෙන්න එපා, මෙන්න තියනවා හදපු සිංහල අත් පත්‍රිකාව. සෝදුපත් බලන්න උදව් උනා කෙහෙළිය, අකිල, නිර්මාල්. මෙන්න ලින්ක් එක. http://www.slideshare.net/kasunbg/google-summer-of-code-2011-sinhalese-flyer
උමාශාන්ති දෙමල අත් පත්රිකාවකුත් හැදුවා, ඒක මෙන්න මෙතන ඇති.